පුනර්භවය සහ ක්වොන්ටම් අංශු – 02 – විශ්වවේදය සමග
විද්‍යාව මනුෂ්‍ය අපට සේවාවක් කර තිබෙන බව (වෙනත් අතුරු ඵල අමතක කළවිට) පිළිගනිමු. ඒ කෙසේ වුවද නුතන විශ්වවේදය අනුව, එහි දන්නා කරුණු අනුවද, මෙම වදන සලකමු. විශ්වයේ දැනට පවතින පදාර්ථ පිළිබද නිර්මාණය (විද්‍යාවේ සියල්ල නිර්මාණ නිසා) බලමු.
මේ අනුව අඳුරුශක්තිය සහ අඳුරු ද්‍රව්‍ය වලින් විශ්වයේ 95% පිරි ඇත. මේ අඳුරු ද්‍රව්‍ය සංකල්පය යොදා ගන්නේම, 👍අයින්ස්ටයිනයන්ගේ කාල-අවකාශය අනුව විශ්වයේ තිබියයුතු ද්‍රව්‍ය, සාමාන්‍ය ද්‍රව්‍ය වලින් සම්පුර්නකළ නොහැකි බැවිනි. එබැවින් විද්‍යාවට තව තවත් නිර්මාණ අවශ්‍ය වී තිබේ. ඒ ගැන සානුකම්පිතව සලකා නලින් ද සිල්වා වියතා කියන ලෙස ‘නොබෙල්’ ත්‍යාගයට විශ්වවේදයේ තවත් 95% නිර්මාණ කළහැක.
දැන් අපි මෙයට පළමු කළ විග්‍රහය සලකමු. බුදුන් වදාළ ධර්මය තුන්ලෝකයටම අකාලික නොවෙනස් බව සමහරක්ට නොපෙනුණත්, අරුප තල භවය පැමිනි ධ්‍යාන ලබාගත් බ්‍රහ්මයන් බුදුන්වහන්සේටත් පළමු කල්ප කලාන්තර වාසයකරන බව, (කල්ප 80,000) ධර්මයේ ඇත. මෙහිදි මහා පිපිරුම් න්‍යාය අනුව, බිලියන 13.7 තත්පරයකට පසු, තිබු ක්ෂුදු තරංග වලටත් පළමුව බ්‍රහ්මයන් වාසය කරනු නොඅනුමානය. තවද විශ්වයේ අරම්භයක් සෙවිම, නොමති දෙයක්, සොයන අන්ධයන්ගේ ක්‍රියාවකි. අන්ධයන්ට කොපමණ කියාදුන්නද විශ්වාස නොකරනවා පමණක් නොව, හදුනාගැනීමට ඇස්ද නැත.
ඇත්තේ හේතු සහ ඵල පමණකි. එය චක්‍රීය ධර්මයකි. ලෝකය හේතු සහිතව හටගත්තේ ඵලයෙනි. මේවා එකිනෙකට සම්බන්ධ වේ. සත්වයා යනු නාමරුප පන්චකයක් පමණි. පුර්ව ක්‍රියාවන්ගේ ඵල වලින් හටගත් වර්තමන සිත නෑවත නෑවත, මමත්වය නිසා ඇතිව,නැතිවන සොබාවය පවතී.. අනිත්යතාව ගෑබුරු දර්මයක් බෑවින් බුදුවරයෙක්ට පමන්ක් අනිත් සත්වයන්ට පහෑදිලි කල හෑකි වේ. තවද විශ්ව එකක් පමනක් තිබේ යෑයි සලකීමද ලොකුම මොඩ කමකි.බුදුන් වහන්සේ මේ අනිත්‍යතාව ලෙස ගන්නෙම, අපගේ පාලනයට නොමැති මේ ලෝකයම් නිසාය.
ලොක විනාශය හො කල්ප විනාශය වු විට(මනුශ්යන්ගේ ධර්මයන් පිරිහී ගොස්)සියල්ලොම විනාශ වන්නෙද නෑත.අප මේ වසන (දන්නා) මන්දාකිනියට වැනි 1000 පමණ චක්‍රාවාට ,චුලනිකා ලෝක ධාතුවට පවතී.මේ ලෝකවල පොලොවවනි 1000 ලෝක පවතී. එම ලෝකවලද නිරය,මනුස්සය ආදී තලයන් පවතී.එබැවින් අපට වැරදි කර සැගවීමට තැනක් නොමැති බව ,එනම් තමාගේ සිතට සැගවීමට තැනක් නැත.
චාමික කරුණාරත්න [සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]
No comments:
Post a Comment