Thursday, February 23, 2012

කොරොනා කාලේ වාසේ

මාශ අනුබවය සහ කෙලෙස් වලින් මිදීම..

මේ පිළිබදව ලියවී ඇති ලිපි විශාල ප්‍රමනකක් අපි කියව ඇත්තෙමු. මට සිතන පරිදි හා වැටහෙන පරිදි ,බුදුන් වහන්සේ නොයෙක් සුත්‍ර වලින් මේ ගැන දේශනා කළහ . 1) අමගන්ධ සුත්‍රය. 2) මහා පරිනිභන සුත්‍රය. 3)සුත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබද විග්‍රහය. හා තවත් සුත්‍රවල...

" තමාව උපමා කර ගන්න." යනු බුදුන් වහන්සේගේ බොහෝ දේශනා වල පවතින හරයකි.එනම් අපි මරණයට,දුකට,වේදනාවට බිය පවතින නිසාය. මේ අනුව මේ ව ට බියනොවන අයෙක් සිටිනවානම් ඒ "රහතන් වහන්සේ කෙනකි" .අපි බොහෝ අවස්ථා වල ,රහතන් වහන්සේලා සහ මිනිසුන් සසදා බලනු ඇත. බුදුන් වහන්සේ " සුකර මද්දව " වැළදු බව පැවසීමද එවැන්නකි.උන් වහ්සේ වැනි අයකුට "ඕනෑම දෙයක " හරය දන්නා අයකුට කිසිදු ලෙසකින් කුසල හෝ අකුසල සිදු නොවේ. නමුත් අප වැනි අයකු මාශ අනුබවකරන්නේ ඒ පිළිබද කෙලෙස් සහිතවය.එනම් සතකු මර තිබෙන බව ද ,ඒ මශය ගිජු කමින් වලදීමද අප සිදුකරයි. බුදුන් වහන්සේ දෂණ කලේ අපගේ මනස පවිත්‍ර කරන ලෙසය.මාශ අනුබව නොකලද සමහරුන ගේ ලෝබය ,ද්වේශය සහ මෝහය උපරිමයෙන් ඇත.ඒ අමගන්ඩ බමුනටද බුදුන් වහන්සේ වදාලේ " ඔහුටම" වූ දහර්මයකි.එනම් අම බමුණා ගේ මතය වූ " මාශ ආහාරය " නොකිරීමෙන් පමණක් කෙලෙස් නැති කලහැකිය,එලෙස අනුබව කරනවානම් කෙලෙස් ඇති අයකු ලෙස " මතයන් සාදාගෙන සිටි බැවිනි. මහා පරිනිබ්බාන සුත්‍රය ' අප හොදින් බලු විට බුදුන් වහන්සේ ලටම අවේනික ධර්මත පවතින බව පෙනී යයි. බුදු වීමට පෙර දින "සුජාත වගේ කිරිපිඩු " දනය සහ " අ යු සංස්කාරය හරියවිට ලැබුණු චුන්දසුකර දනය එකම ආනිසංස ඇති බව උන් වහන්සේ දේශනා කළහ. දර්මතාවට අනුව ඒ දනය නිසා උඋන්වහන්සේට පන්ච්ස්කන්දය හරදමිමට පහසු විය.එබැවින් අප බුදුන් වහන්සේ හෝ රහතන්වහන්සේලා සැසදීම නොකළ යුතුය

දැන් අපි මාශ අනුබව කිරීම හොදද? ... නැත. නිසා... .. 1) සත්ව ගාතනය සිදුවේ. 2) ශරීරයේ රෝග වැඩිවේ. 3) මනස දරුණු වේ. 4) ශරීරයේ වෙනත් ක්‍රියා කාරිත්ව (කාමය) වැඩිවී පාලනය අඩුවේ. 5) පරිසරය විනාශ වේ. (ගවයන් සදහා විශාල වනාන්තර හෙලික යි,විෂ වුයු පරිසරයට එකතුවේ). 6) සත්වයන්ගේ වේදනාව නිසා සමහර සමයක් දුෂ්ටික දෙවිවරු කෝප වියහැක.(දැන් සමහර රටවල් ටමන් විසින්ම ප්‍රශ්න ඇති කරගෙන යුද්ද සිදුවේ) මිට අමතරව අපි මාශ අනුබව නොකරනවානම් මානසික සහනයක් පවතී.එනම් අපගේ කරුණාව සහ මත්රියද වැඩිවේ. එබැවින් බොහෝ අවැසි පවතින ,මේ කෑම, අපි කල යුතුද යන්න ඔබම තීරණය කරන්න. අප මේ දුකෙන් නිදහස් වීමට කැමතිනම් (සමහරු අකමැති බැවිනි) මේ අපගේම සහෝදරයන් වැනි සතුන් කා දම අපගේ උදරය අමු සොහනක් නොකරගන්න.

තවද , මනස දියුණු වූ මිනිසාට නොදියුණු සත්වයන් පිළිබද කරුණාවක් නොමැති නම්" කුමක් කරන්නද?

Sunday, February 19, 2012

පුනර්භවය සහ ක්වොන්ටම් අංශු – 02 – විශ්වවේදය සමග

විද්‍යාව මනුෂ්‍ය අපට සේවාවක් කර තිබෙන බව (වෙනත් අතුරු ඵල අමතක කළවිට) පිළිගනිමු. ඒ කෙසේ වුවද නුතන විශ්වවේදය අනුව, එහි දන්නා කරුණු අනුවද, මෙම වදන සලකමු. විශ්වයේ දැනට පවතින පදාර්ථ පිළිබද නිර්මාණය (විද්‍යාවේ සියල්ල නිර්මාණ නිසා) බලමු.

මේ අනුව අඳුරුශක්තිය සහ අඳුරු ද්‍රව්‍ය වලින් විශ්වයේ 95% පිරි ඇත. මේ අඳුරු ද්‍රව්‍ය සංකල්පය යොදා ගන්නේම, 👍අයින්ස්ටයිනයන්ගේ කාල-අවකාශය අනුව විශ්වයේ තිබියයුතු ද්‍රව්‍ය, සාමාන්‍ය ද්‍රව්‍ය වලින් සම්පුර්නකළ නොහැකි බැවිනි. එබැවින් විද්‍යාවට තව තවත් නිර්මාණ අවශ්‍ය වී තිබේ. ඒ ගැන සානුකම්පිතව සලකා නලින් ද සිල්වා වියතා කියන ලෙස නොබෙල්ත්‍යාගයට විශ්වවේදයේ තවත් 95% නිර්මාණ කළහැක.

දැන් අපි මෙයට පළමු කළ විග්‍රහය සලකමු. බුදුන් වදාළ ධර්මය තුන්ලෝකයටම අකාලික නොවෙනස් බව සමහරක්ට නොපෙනුණත්, අරුප තල භවය පැමිනි ධ්‍යාන ලබාගත් බ්‍රහ්මයන් බුදුන්වහන්සේටත් පළමු කල්ප කලාන්තර වාසයකරන බව, (කල්ප 80,000) ධර්මයේ ඇත. මෙහිදි මහා පිපිරුම් න්‍යාය අනුව, බිලියන 13.7 තත්පරයකට පසු, තිබු ක්ෂුදු තරංග වලටත් පළමුව බ්‍රහ්මයන් වාසය කරනු නොඅනුමානය. තවද විශ්වයේ අරම්භයක් සෙවිම, නොමති දෙයක්, සොයන අන්ධයන්ගේ ක්‍රියාවකි. අන්ධයන්ට කොපමණ කියාදුන්නද විශ්වාස නොකරනවා පමණක් නොව, හදුනාගැනීමට ඇස්ද නැත.

ඇත්තේ හේතු සහ ඵල පමණකි. එය චක්‍රීය ධර්මයකි. ලෝකය හේතු සහිතව හටගත්තේ ඵලයෙනි. මේවා එකිනෙකට සම්බන්ධ වේ. සත්වයා යනු නාමරුප පන්චකයක් පමණි. පුර්ව ක්‍රියාවන්ගේ ඵල වලින් හටගත් වර්තමන සිත නෑවත නෑවත, මමත්වය නිසා ඇතිව,නැතිවන සොබාවය පවතී.. අනිත්යතාව ගෑබුරු දර්මයක් බෑවින් බුදුවරයෙක්ට පමන්ක් අනිත් සත්වයන්ට පහෑදිලි කල හෑකි වේ. තවද විශ්ව එකක් පමනක් තිබේ යෑයි සලකීමද ලොකුම මොඩ කමකි.බුදුන් වහන්සේ මේ අනිත්‍යතාව ලෙස ගන්නෙම, අපගේ පාලනයට නොමැති මේ ලෝකයම් නිසාය.

ලොක විනාශය හො කල්ප විනාශය වු විට(මනුශ්යන්ගේ ධර්මයන් පිරිහී ගොස්)සියල්ලොම විනාශ වන්නෙද නෑත.අප මේ වසන (දන්නා) මන්දාකිනියට වැනි 1000 පමණ චක්‍රාවාට ,චුලනිකා ලෝක ධාතුවට පවතී.මේ ලෝකවල පොලොවවනි 1000 ලෝක පවතී. එම ලෝකවලද නිරය,මනුස්සය ආදී තලයන් පවතී.එබැවින් අපට වැරදි කර සැගවීමට තැනක් නොමැති බව ,එනම් තමාගේ සිතට සැගවීමට තැනක් නැත.

චාමික කරුණාරත්න [සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]