Wednesday, April 25, 2012




ජාතක කතා සහ අපේ කතා.
අප බොහෝ දෙන ජාතක කතා අස ඇතිවාට සැක නැත.බෝධි සත්වයන්වහන්සේ එක අතමයක අජානේය අශ්වයකු වූ කතාව දනිමි.
මේ අසු ගේ හැකියාවන් විශ්මය දනවන  බව අප සිතුවෙමු.සමහරු මේ ජාතක කතා කතාවක් පමණක් බවත් උපදේසයක් දීමට පමණක් බව අර්ථ දක්වයි.නමුත් බුදු කෙනෙකු එවැනි කතා දේශනාකරන්නේ කර නොමැත්තේය.මක් නිසාද යත් බෝදිසත්ව කාලයේ ,සරසන්ක්ය කල්ප ලක්ෂයක් පුරාගෙන අවේ කිසිදු මුසාවක් නොකරය.මේ කතා වල සතුන් කතා කරයි.එත නම් සතුන් කතා කරන්නේ භාෂාවකින්ද?නොවේ.සිතෙනි.බොහෝ සතුන්ට සිතක් තිබේ,අශ්වයන් ට මොලයක් ද තිබේ. මේ කතාවද අස්වයකු ගැනය.
නවකතාවක් පාදක වූ මෙම සිනමා පටය ඇති දක්ෂ සිනමාකරු  වන ස්පිල්බුර්ග් නිමවුවකි.මෙහි අශ්වයා නරබන විට මෙට සිහිවන්නේ අපගේ ඒ ජාතක කතාවමය. මෙහිදී සිනමා කරු මේ සියලුදේ විශිෂ්ට ලෙස මෙහෙයවා තිබේ.සතකු වුවද මේ අශ්වයා ඒ රටට කරන මෙහෙය අනර්ගය.බෝධිසත්වයකු ලෙස නිර්භීතව හා අනිකුත් වර්ගයද ධෙර්ය කරමින් ගෙනයන ආකාරය අපගේ ජාතක කතා වකින් ගත ආදර්ශයක  යයි  මට සිතෙ.
තවද මේ සත්වයාට පවතින ක්ෂණ  සප්පත්තිය විස්මිතය. බොහෝ අවස්ථා වන්හි ගැලවෙන පිනක් තිරිසනකුට වුවද තිබිය හැකි බව පෙනේ. මම  ඔබට මේ කතාව විස්තර නොකරමි. නමුත් අපේ රටේ එතම් කුණුහරුප කතා වන්ට වැඩ මේ සිනමාකරු ගේ නිර්මාණ කොතරම් ඉදිරියෙන් සිටීද යන්න කිව යුතුවේ.
මේ සිනමා කරු ගෙන් මෙවැනි විශිෂ්ට ගනයේ බොහෝ නිර්මාණ අපට නැරබිය හැකිය.  බොලද ඉන්දියානු සහ රුපවාහිනී නාට්‍ය බලන ප්‍රේක්ෂ කය ගේ බුද්ධිය හිනකිරීමට වග කියයුතු බොහෝ ය සිටි.
ඔබ  ඒ ගණයට අයත් ද  සිතා බලන්න ?
අප මේ පිලිබදව සිතිය යුත්තේ ,අපේ රටේ කතාවන්ට  කොපමණ මුලාශ්‍ර තිබේද.! මහා විශාල  ඉතිහාසයක් තිබෙන අපේ රට පිළිබද අප ආඩම්බර වීම ප්‍රමාණවත් නැත .අපගේ නිර්මාණයන් කලයුත්තු අන්දම මේ සියල්ලගෙන්ම ආදර්ශ පවතී. නමුත් එකතැන පල්වෙන කලාව ගොඩ ගැනීමට දක්ෂ පුද්ගලයන් හිගය.
අපගේ මුලාශ්‍ර වලින් ,බටහිර ජයගෙන තිබේ. ඉදිරියටත් එසේම වීමට ඉඩ දියයුතුද?
අප සිංහලයන් වශයෙන් බොහෝ විෂයන් පිලිබදව සිතන යුගයක් ඒවිද.?අපගේම විද්‍යාවක්,කලාවක් සදහා ඕනෑතරම් මුලාශ්‍ර තිබේ..අපගේ මුතුන්මිත්තන්ගේ කාර්ය සිදුකර තිබේ. දැන්  තිබෙන්නේ අපේ කාරයයවේ

No comments:

Post a Comment